නිර්මාණාත්මක චින්තනයට උපදෙස්

Wednesday, April 29
1. සාම්ප්‍රදායික ස්ථාපිත අදහස් ක්‍රියාකාරකම් අත් හරින්න නැත්නම් වෙනස් කරන්න.

2. එය කිරීමට නොහැකියයි සිතනවා වෙනුවට කළ හැකි වෙනත් ආකාරයක් සිතන්න.

3. තමාට බැරිවීම හා නොහැකිවීම සම්බන්ධව සමාව ගනිමින් කරැණු දක්වමින් සිටීමෙන් වලකින්න.

4. දැනට තමා යොමුවී ඇති දේවල් ගැන තමන්ගෙන්ම ප්‍රශ්න අසමින් ක්‍රියාකාරකම් අරඹන්න.

5. තමාට වැරදුනහොත් හෝ තමා තුළ අඩු පාඩුවක් දුටහොත් එම අවස්ථාවේදීම නිවැරදි කරගන්න.

6. අරමුණු වෙනස් කිරීමට හෝ කළමණාකරණය කිරීමට ඥාණය හා ක්‍රමශිල්ප භාවිතා කරන්න.

7. යමක් කිරීමට උත්සාහ ගැනීමට බිය නොවන්න. එසේ උත්සාහ කිරීමෙන් ඔබ අත් දකින දූෂ්කරතා නිසා ඔබගේ ප්‍රජානන හැකියාව දියුණු වෙයි. ඔබ නුවණැතියකු බවට පත්වෙයි.

8. ඇයි යන ප්‍රශ්නය පස් වරක් විමසන්න. එවිට ගැටළුවක මූලික හේතුව ඔබට හමුවේවි. එමෙන්ම ඔබ ගන්නා තීරණය නිවැරදි එකක් වීමේ සම්භාවිතාවය පහේ ගුණිතයකින් වැඩිවනු ඔබට දක්නට ලැබේවි.

9. එක් එක් පුද්ගලයකුගේ දැනුම වෙනුවට පුද්ගලයන් කිහිප දෙනෙකුගේ බුද්ධිය මත තීරණ ගැනීමට උත්සාහ කරන්න. වැඩි දැනුම් ඇති අත් දැකීම් වැඩි අයගේ අදහස් ගැනද සාවධාන වන්න.

10. සම්පූර්ණත්වය බලාපොරොත්තු නොවන්න 51% ඔබගේ ඉලක්කයට හසුවේ නම් වහාම ඒ සඳහා ක්‍රියාත්මක වන්න.

11. වැරදි වලට බිය නොවන්න. වැරදි සිදුවන විට එම වැරදි සම්බන්ධව නිර්මාණශීලී, වැරදි හරිගස්සන්නාවූ, තමාව ගොඩනඟන්නාවූ ප්‍රතිචාරයන් තමා තුළ නොතිබීම පිළිබඳ බියවන්න.

12. "ඔව්" "පුළුවන්" යන හැඟිම ඇති ධන ආකල්ප නිරන්තරව පවත්වාගෙන යන්න. (Yes I can)

13. නැවතී සිටින ගමන් ක්‍රියාත්මක වන්න. එනම් සෑම මොහොතකම යමක් කරන්න. නිහඬව සිටින අවස්ථාවලදීත් මනසින් හෝ යමක් සිදුකරන්න.

14. හෙට වැඩ අද සැලසුම් කරන්න (Plan Tomorrows' works today)

15. සෑම මසකම යම් නිපුණතාවක් සංවර්ධනය කරන්න. ශරිරය, මනස, ආර්ථිකය, අධ්‍යාපනය, සම්බන්ධව අළුත් දෙයක් ගැන සිතන්න.

16. තමාට දැනට ඉටුකිරීමට නියමිතව ඇති දේ සම්බන්ධව සියළු හැකියාවන් සහ උත්සාහයන් දරමින් උපරිමයෙන් කටයුතු කරන්න.

17. කරන සෑම දෙයක්ම පළමු අවස්ථාවේදීම නිවැරදිව ඉටු කිරීමට මහන්සිගන්න. (First time Right)

18. කෙලින්ම යමක් ප්‍රතික්‍ෂ්ප කිරීමට වඩා දිගින් දිගට සොයා බලා විසඳුමක් සොයාගන්න. (Be Proactive)

19. දක්‍ෂ‍යකු බවට පත්වීම විනෝදාංශයක් කරගන්න. එනම් ලැබෙන හැම අභියෝගයකින්ම ජය ගැනීමට අධිෂ්ඨාන කරගන්න.

20. තමාගේ වැඩ සම්බන්ධව ක්‍රමාණුකූල බවක් ඇතිකර ගන්න. කළ යුතු දේ කළ යුතු අකාරයට කරන්න. අඬුවෙන් කරන දෙය මිටියෙන් කිරීමට නොයන්න.

ඇඳක්ද? ‍සෝපාවක් ද?

Wednesday, April 1
නිර්මාණාත්මකව හිතුවොත් කරන්න බැරි දෙයක් නැ‍හැනෙ. මේක මගෙ මිතුරෙකු විසින් කරන ලද නිර්මාණයක් එයා මේක කෙරැවෙ අත්හදා බැලීමක් විදිහට ඒත් ඒක කොච්චර සාර්ථක උනාද කිව්වොත් මේ නිර්මාණයට ඉහල ප්‍රතිචාර ලැබිල තියනව, සෑහෙන ඉල්ලුමක් මේකට තියෙන්නෙ. එයා මෙක මහා පරිමාණයෙන් නිපදවන්න තමයි දැන් කල්පනා කරන්නෙ. ඇත්තටම ලංකාවෙ නිර්මාණාත්මක අදහස් තියන අය හරි අඩුයි. ඒත් එක් නිර්මාණයකින් මුළු ජීවිතය වුනත් ජයගන්න කෙනෙකුට පුළුවන් නේද කියල මට මේක දැක්කම හිතුන.






මේ නිර්මා‍ණ‍ය තියන ‍විශේෂත්වය තමයි මේක ඇඳක් විධිහටත් සෝපාවක් විධිහටත් පාවිච්චි කරන්න පුළුවන් වීම. මේකෙ සම්පුර්ණ තාක්‍ෂණය ශ්‍රී ලංකාවේ. මේක ක්‍රම කිහිපයකට සීරැමාරැ කර ගන්න පුළුවන් හාන්සිවෙලා පොතක් පතක් කියවනවනම් යන්තම් ඇලවෙන විදිහට සකස්කරගන්නත්, රෑපවාහිණිය නරඹනවනම් තව දුරට‍ත් සීරැමාරැ කරගෙන පහසුවෙන් නරඹන්නත්, මිතුරන් පිරිසක් ආපු වෙලා‍වට වාඩිවෙලා ඉන්න පහසුවන පරිදි සකස් කරගන්නත් පුළුවන්. ඇත්තටම මේක ආදර්ශකයක් (model) මේ‍ක තමන් කැමති පාටින් කැමති ආකාරයකට සකස් කරවගන්න පුළුවන්.

වැඩි විස්තර අවශ්‍ය මේ සම්බන්ධ උනන්දුවක් තියන මිලදී ගන්න අදහසක් තියන අය මට ඊ මේලයක් එවන්න.(ginimakara@gmail.com). මේක තව වැඩිදියුණු කරන්න පුළුවන් ක්‍රම තියනවනම් ඒවත් එවන්න අමතක කරන්න එපා. වැඩි දියුණු කරන ක්‍රම කිව්වම බරපතල වැඩි නම් "මට මේකෙ මේ විධිහට තියන්න පුළුවන් වෙනවනම් හොඳයි" "තව මේකට මේ විධිහෙ දෙයක් එකතු ‍කළොත් හොඳයි" වගේ හිතට එන අදහස් තියනවනෙ අමුතු අදහසක් උනත් කමක් නැහැ එවන්න