උයන්න පිහන්න ලැප් ටොප්

Monday, May 4
උයන පිහන කොට අල ළූනු වගේ එළවළු ජාති වගේම පළතුරැ වගේ ඒවත් හිටගෙන සුද්ද කරන්න ගියහම සමහර වෙලාවට ටිකක් අමාරැයිනෙ. එදිනෙදා උයන කොටනම් මේක එච්චර දෙයක් නෙමෙයි වෙන්න පුළුවන්. ඒත් හිතන්න ‍ මඟුල් ගෙයකට හරි දානෙ ගෙයකට හරි උයන්න දේවල් ලැහැස්ති කරන්න සිදු වුනා කියල. අල කිලෝ ගනන් ළූණු කිලෝ ගනන් හිටගෙන සුද්ද කරන්න ගියහම ඉතින් ටිකක් විතර එපා වෙන සංසිද්ධියක්නෙ අනික ගොඩක් වෙලාවට සුද්ධ කරන්න මේසයක් වගේ දෙයක් හොයාගන්න ගියහමත් ටිකක් අමාරැ අවස්ථා තියනව මොකද විශාල උත්සවයක් වගේ වෙලාවට ගෙවල්වල මේස වල, තියන බඩු ඔක්කොම පුරවගෙන නෙ ඉන්නෙ. දැන් ඉදිරියට ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ මෙන්න ඒකට අළුත් නිර්මාණයක් බිහි වෙලා.



මේකෙ තියන විශේෂත්වය තමයි කපල සුද්ද කරල ඉවත දාන පොතු වගේ ඒව වෙන් කරල තියා ගන්න එක් පැත්තකුත්, කපල සුද්ද කරපුව දාන්න තවත් පැත්තකුත් වෙන් කරල තියනව. ඒ විතරක් නෙමෙයි කපන්න තියන ඒව තියාගන්න වෙනම බේසමක් වගේ එකකුත් මැද තියනව. ඊට අමතරව කපන, සුද්ද කරන වැඩ කරන්න වෙනම කොටසක් තියනව. ඉතින් වැඩේ අනාගන්නෙ නැතුව පිළිවෙලකට කරගෙන යන්න පුළුවන්.


සැලකිල්ලෙන් බැලුවොත් පෙනේවි මේක පාවිච්චි කරන කෙනාගෙ ඇ‍‍‍‍‍‍‍‍‍ඟේ හැඩයට අනුකූල වන ආකාරයටම මේක සැලසුම් කරල තියන බව. ඒ කියන්නෙ ඉන වටේට පිහිටන විදිහට රවුම් කරල තියනව කකුල් දෙක උඩ පහසුවෙන් තියා ගන්න පුළුවන් වෙන විදිහට කකුලෙ හැඩේට සුමට කරල තියනව. ඒ විතරක් නෙමෙයි වැ‍ඩේට ගන්න ජාති ටික බිම නො‍වැටි තියාගන්න පුළුවන් වෙන්න වටේට දාරයක් තියනව.





ලංකාවෙනම් මේක ගන්න තියනවද දන්නෙ නම් නැහැ ඒත් අපේ රටේ ‍ මේක හදා ගන්න පුළුවන් ෆයිබර් ග්ලාස් වලින්. ඒවගේ වැඩ කරන අයට මෙන්න අදහසක්. හැදුවොත් සෑහෙන ඉල්ලුමක් තියේවි. අනික අපේ තාලෙට හදා ගන්න පුළුවන්නෙ තව හොඳට ඔප මට්ටම් කරල. කවුරැහරි මේක හැදුවොත් මටත් දන්වන්න අමතක කරන්න එපා


0 comments: