කොකාකෝලා , පෙප්සි මඟින් කළ හැකි දේවල්
1. වාහන වල වින්ඩ්ස්ක්‍රීන් එකේ බැඳී ඇති දූවිලි පැල්ලම් ආදිය ඉවත් කිරීමට කොකාකෝලා හෝ පෙප්සි වැනි බීම වර්ගයකින් පොඟවාගත් රෙදි කැබැල්ලකින් පිස දමන්න. වීදුරු පිරිසිඳු කරන දියර වර්ග අවශ්‍ය නොවේ. වාහන වල විතරක් නෙමෙයි ගෙදර ජනෙල් වීදුරු පිස දැමීමටත් මෙම බීම වර්ග වලින් තෙමාගත් කඩදාසි කැබැල්ලක් යෙදා ගත හැකියි.
2. ඇළුමිනියම් හෝ ක්‍රෝමියම් වලින් තැනූ කාර් Bumpers වල ඇති මලකඩ පැල්ලම් ඉවත් කිරීමට කොකාකෝලා/ පෙප්සි පොඟවාගත් ඇලුමිනියම් කඩදාසියක් මඟින් පිසදමන්න.
3. කාර් බැටරි වල ධන සෘණ අග්‍රයන්(Terminals) වල බැදී ඇති මලකඩ, ඔක්සයිඩ ඉවත් කිරීමට විඛාදයනය නැති කිරීමට කොකාකෝලා/ පෙප්සි සොලවා එම අග්‍ර මතට වත්කරන්න. පෙන දමමින් ඒවා ඉවත්වෙයි.
4. පිත්තල බඳුන්වල ඇති කොළ පැහැති පැල්ලම්, මලකඩ ආදිය ඉවත් කිරීමට කොකාකෝලා පෙප්සි වලින් පොඟවාගත් රෙදි කැබැල්ලකින් පිස දමන්න.
5. මල බැඳුනු යකඩ ඇණයක් බුරුල් කර ගැනීමට කොකාකෝලා/ පෙප්සි වලින් පොඟවාගත් රෙදි කැබැල්ලක් එම ඇණය වටා විනාඩි කිහිපයක් ඔතා තබන්න.
6. ඇඳුම් වල ගෑවුන ග්‍රීස් පැල්ලම් ඉවත් කිරීමට එම ඇඳුම් භාජනයකට දමා එම ග්‍රීස් ගෑවුන කොටස් හොඳින් පෙඟෙන පරිදි දමාගත් කොකාකෝලා හෝ පෙප්සි සමඟ රෙදි සෝදන කුඩු දමා වෙනදා සෝදන අයුරින්ම සෝදන්න.
7. ඔබේ වැසිකිලිය පිරිසිඳු කිරීමටත් මෙම බීම වර්ග භාවිතා කළ හැකියි. සින්ක් එකේ හෝ කොමඩ් එකේ ඇති කහට පැල්ලම් ඉවත් කිරීමට කොකාකෝලා/ පෙප්සි වත්කර පැයක් පමණ තබා අතුල්ලා වේගවත් ජල පහරක් මඟින් සෝදා හරින්න.
මෙහිදී පොදුවෙ සිසිල් බීම සියල්ලම ක්‍රියාත්මක වෙන්නෙ එකම ක්‍රමයකට ඒත් වැඩි බලපෑමක් තියෙන්නෙ කොකා කෝලා පෙප්සි වල නිසයි, ඉහත ඒව ගැන වැඩිපුර කියල තියෙන්නෙ. කොකාකෝලා, පෙප්සි වල PH අගය 3.4 විතර වෙනව මේ ආම්ලික ගතිය ශරීරයේ ඇති දත් සහ අස්ථි දිය කිරීමට ප්‍රමාණවත්. වයස අවුරුදු 30 පමණ පසුව අපේ ශරීයෙ අස්ථි වර්ධනය නතර වෙනව.සෑම අවුරුද්දකම යම් ප්‍රමාණයක් අපේ අස්ථි දියවෙනව ඒව මුත්‍ර සමඟ ශරීරයෙන් පිටවෙලා යනව. බීම වර්ග හින්ද විතරක් නෙමෙයි අධික ආමිලික ආහාර නිසාත් මේ දේ වෙන්න පුළුවන්. මෙහිදී බොහෝ වෙලාවට ශරීරයේ තියන කැල්සියම් සංඝටක දියවෙලා ධමනි ශිරා පටක ආදියෙත්, නොයෙකුත් ඉන්ද්‍රියන් වලත් තැන්පත් වෙන්න තියන ඉඩකඩ වැඩියි. අක්මාව වගේ ඉන්ද්‍රියක මේව තැන්පත් වුනොත් අක්මාවේ ගල් ඇති වෙන්න පුළුවන්, මුත්‍රාශයේ තැන්පත් වුනොත් මුත්‍රාශ ගල් ඇති වෙනව. ඇත්තටම සිසිල් බීම වල පෝෂණීය වටිනාකමක් නැහැ විටමින් ඛනිජ ද්‍රව්‍ය කිසිවක් නැහැ ඉහල සාන්ද්‍රනයෙන් යුත් සීනි ද්‍රාවණයක් සමඟ ඇති රසකාරක හා වර්ණක සමඟ ඉහල ආම්ලිකතාවයක් පමණයි තියෙන්නෙ. ඉතින් සෑම ආහාර වේලක් සමඟ මේවා පානය කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙකුට මොකද වෙන්නෙ කියල අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑනෙ. තවත් අපුරු දේවල් දැක බලා ගන්න පහත සබැඳුම් වලට යන්න
http://video.google.com/videoplay?docid=-1450915772177922792
http://www.youtube.com/watch?v=Ox2Mm28LxoQ
http://www.youtube.com/watch?v=lFf-kW1E0Tc
http://www.youtube.com/watch?v=hKoB0MHVBvM
http://www.youtube.com/watch?v=YNgl6z5Z7k4
http://www.youtube.com/watch?v=up1DoY8Cfwg
6 comments:
කතාව නම් සහතික ඇත්ත සිගරට් අරක්කු වගෙ තහකම් කළයුතු දෙයක්
බහුජාතික සමාගම් අපේ රටට පැමීණීමේ ප්‍රතිඑල තමයි මේවා.. මා දන්නා පිළිකා සෑදීමෙන් මියගිය බොහෝ දෙනා වැඩිපුර කොකා කොලා පානය කර ඇති අයයි. තවත් විස්තර බලන්න පහත සබැදුම ක්ලික් කරන්න
http://sankalpalk.blogspot.com/2008/12/coka-cola.html
මේ මොන කතා කිව්වත් කොකා කෝලා බොන අය බොනවා,
අය්යෝ කොකා-කෝල නැතුව කනවනම් ඉතින් බියර් එකක් වත් ඕනෙ (දෙකෙන් මොකද දන්නෙ නෑ අඩුවෙන් අහිතකර ).
ඔහොම ඔක්කොම වැඩ කෝල වලින් කරන්න පුලුවන්නම් තව ටික දවසකින් ඔව්ව සර්විස් සෙන්ටර් වලයි හාර්ඩ්වෙයාර් කඩවල් වලයිත් විකුනන්න තියෙයි.
ඔඔඔ හොදයිනේ බඩ සුද්ද වෙන්න මෙවා බොනවා පණු අමාරුවට බොනවා පනු බෙහෙත් ඔනත් නැ
කියන තරමි යකා කලු නැතුව ඇති
Bonava
Post a Comment