නව ආරක විදුලි පේනුවක්

Saturday, May 30

සවිකර ඇති විදුලි පේනුවක් (Plug) ගලවන එක දතක් ගලවනව වගේ අමාරැ දෙයක් නෙමෙයි සරල දෙයක් ඒත් හැම වෙලේම ඒක සරල නැහැ. සමහර ඒව විසන්ධි කරන්න ගියහම දත්මිටි කාගෙන ඕනෙ පේනුව ඉවත් කරගන්න. ඕනෙවට වැඩිය මහන්සිවෙලා කලබලේට ගලවන්න ගියහම පේනුවෙ කූරැ ටික කෙවෙනියෙ (Socket) ඇතුලෙ හිටින අවස්ථාත් එනව. ඉතින් ඒකට සරල විසඳුමක් හොයාගෙන තියනව බලන්න කොච්චර සරල අදහසක්ද කියල.


පේනුව මැද්දෙ සිදුරක් හදල තියනව ඉතින් වැඩිය මහන්සියක් වෙන්න ඕනෙ නැහැ විසන්ධි කරන්න. ඇඟිල්ල දැම්ම ඇද්ද.

මේව හදන සම්මත ක්‍රම තියනව. අපේ රටේ මේව හදන උදවිය ඉදිරියට මේ ක්‍රමේට පේනු හදයි සමහරවිට. එතකල් ඉවසල ඉන්නකො. ලංකාවේ ගොඩක් වෙලාවට තියන විදුලි කෙවෙනි (Plug Socket ) එච්චර හොඳ ඒව නෙමෙයි. සමහර ඒව ගලවන්න බැරි තරම් තදයි නැත්නම් නිකන් ගැ‍ලවෙන තරම් බුරුල්. ඇතුලෙ තියන තඹ පතුරැ, ටික දවසක් පාවිච්චි කරන කොට ඈත් වෙනව ඊට පස්සෙ විදුලි බලය වයර් එක දිගේ එන්නෙ නැහැ ඉතින් ඒහාට මෙහාට කරල ඕනෙ ප්ලග් එක හරියට වැඩ කරවගන්න. නැත්නම් කාට හරි සිද්ධවෙනව වැඩේ ඉවර වෙනකල් කෙවෙනිය ළඟට වෙලා වයර් එක අල්ලගෙන ඉන්න. ලංකාවෙ නිවෙස්‍වල තියෙන්නෙ බොහෝ වෙලාවට රවුම් හැඩයෙ විදුලි පේනු. මට ‍හිතෙන්නෙ හතරස් හැ‍ඩේ ඒව පාවිච්චි කරනවනම් එච්චර මේ ප්‍රශ්න බලපාන්නෙ නැහැ කියල. මොකද ඒව ‍එහාට මෙහාට හෙලවෙන්නෙ නැති හින්ද හොඳට සවිවෙලා හිටිනව.



2 comments:

Deeps said...

මරු වැඩක්!!

ඉ-නැණ පියස said...

එළ වැඩක්.අපේ රටෙත් ඔය වගේ නව නිපැයුම් කරන්න උපන් හපන් අය ඕනි තරම් ඉන්නවා.ඒත් කවුරුවත් ඒ අයට අත නොදෙන එක තමයා තියෙන ලොකුම ලොකු අවුල.