ඒවගෙම සමහර වෙලාවට ඉලක්කයට වෙඩි තියන්න,විදින්න, විසිකරන්න සිදුවන අවස්ථාත් උදාවෙනව. ඉතින් අද මට හිතුන ඉලක්කයට විසිකරන්න පුහුණුවෙන්න ක්‍රමයක් හඳුන්වල දෙන්න.මේක විනෝදෙට කරන්න පුළුවන් වැඩක්.ඒත් ඒකට යම් යම් දේවල් ටිකක් හදාගන්න වෙනව. මුලින්ම බලමු කොහොමද ඒව හදාගන්නෙ කියල. මේකට පහත දේවල් අවශ්‍යයි.
1.ඝනකම් ඉටි කොළයක් ( ඝනකම් කඩදාසියක් වුනත් ගන්න පුළුවන් ඒත් කල්පැවැත්ම අඩුයි)
2.සෙ.මී 5 විතර දිගට කපාගත් උණ පතුරැ 4 ( මම නම් මේක හදන දවස්වල ගත්තෙ අලිය ගිණි පෙට්ටියෙ ලී කූරැ දැන් එ්ව නැහැ)
3.අල්පෙනිත්තක්
4. නූල් පන්දුවක්
5.වයරින් ටේප්
6.ඝනකම් කාඩ්බොඩ් එකක් (සෙ.මී 30 x සෙ.මී 30) විතර
7.ප්ලැටිග්නම් හෝ පර්මනන්ට් මාකර් (Permanent Marker)එකක්

විශාල කර බලන්න Middle mouse button හෝ Ctrl+Click
මුලින්ම ඉටිකොළේ දෙකට නවල රෑප සටහනේ ආකාරයට කපා ගන්න. ඒව තමා ඊතලේ පෙති විධිහට ගන්නෙ. මේ වගේ කපාගත් ඒව 2 තිබුනම ඇති එකකට.ඊටපස්සෙ අල්පෙනිත්ත අරගෙන අර උණ පතුරැ 4 අතරට තියල නූලෙන් හොඳට එහාමෙහා යන්නෙ නැති වෙන්න තදින් ගැට ගහන්න.කපාගත් පෙති දෙක රෑප සටහනේ තියන විදිහට උණ පතුරැ අස්සෙන් ඇතුල් කරල ඒවත් එහා මෙහා යන්නෙ නැති වෙන්න තදින් ගැටගහන්න.දැන් උණ පතුරැ 4 නූලෙන් හොඳට වෙළල ගැටගහන්න. වයරින් ටේප් වලින් නූල සහ උණ පතුරැ නොපෙනෙන්න වෙළල කටයුත්ත නිමා කරන්න.
මේවගේ 6 විතර හදා ගත්තම හරි . වයරින් ටේප් එකේ පාටයි ගන්න ඉටි කොළේ පාටයි වෙනස් කරමින් පාටවල් කිහිපයක කුඩා ඊතල කිහිපයක් සාදාගත හැකියි.
දැන් ප්ලැටිග්නම් හෝ පර්මනන්ට් මාකර් එකෙන් අර ඝනකම් කාඩ් බොඩ් එකේ රෑප සටහනේ ආකාරයට රවුම් කිහිපයක් ඇඳගනිමින් ඉලක්ක පුවරැව සකසාගන්න.(ඒක අඳින්න කවකටුවක් ඕනෙ නැහැ ඩ්රෝවින්ග් පින් එකක් මැද්දට ගහල නූලක් ඒකෙ ගැටගහල ගත්තම වැඩේ ලේසියි. අවශ්‍ය දුර ප්‍රමාණයට නූල අරගෙන ප්ලැට්ග්නම් එකේ ගැටගහල කරකවන්න.)
මේ කාඩ්බොඩ් එක කාමරේ බිත්තියෙ හරි දොරේ හරි සවිකර ගත්තම. ඉලක්කයට ඊතල ටික විසිකරන්න තමයි තියෙන්නෙ.
විශේෂයෙන් සඳහන් කරන්න දෙයක් තියනව මේවයින් අහිංසක සත්තුන්ට හරි මිනිස්සුන්ට හරි හිරිහැර කරන්න යන්න එපා. බොහොම ආරක්ෂාකරීව පරිහරණය කරන්න ඕනෙ.
මේ විදිහට කරන ක්‍රීඩාවක් තියනව එකට කියන්නෙ Darts කියල. මම මේ කලේ Darts board එකක් හදන හැටි පැහැදිලි කිරීමක් නෙමෙයි. මේක මම විනෝදෙට ඉලක්කයට විසි කරන්න හදාගත්ත එකක්. Darts Game එකේ ඒව හදන සම්මත ක්‍රම තියනව. වෙනමම ඒවට ක්‍රීඩා නීති රීති තියනව. මගෙ ලඟත් දැන් ඒ බොඩ් එකක් තියනව ඒක ගත්තෙ රැකියාවක් කරන්න පටන්ගත්තටත් පස්සෙ. කලින් මම පුරැදු වුනේ දුප්පත් කාඩ්බෝඩ් එකට මමම හදාගත්ත ඊතල විසි කරල තමයි :).