■◘■◘■◘■◘ කාඩ් බෝඩ් අදහස් ■◘■◘■◘■◘

Wednesday, March 11
කාඩ් බොඩ් ඕන තරම් අපි දැකල තියනව, ඒ වගෙම අපි ඒව කොච්චර අපතේ දානවද?.ඒත් ඒවයින් අළුත් නිර්මාණයක් කරන්න අදහසක් පහල වෙන්නෙ කීයෙන් කීදෙනාටද? මේ කාඩ්බෝඩ් ගැන අදහසක් පහල වුන කෙනෙක්ගෙ අපූරැ නිර්මාණ ඒකතුවක්, බලන්න හොඳද කියල.

විශාල කර බලන්න ඕනෙ නම් පින්තූර උඩ Ctrl+Click කරන්න.

■ මේක කාඩ්බොඩ් වලින් හදපු පුටුවක්.කුඩා දරැ‍වෙකුට වුනත් සවිකර ගන්න පුළුවන්. තමන්ම සවිකරගත් පුටුවෙ මෙයා වාඩිවෙලා ඉන්න අපූරැව බලන්නකො.


■ මේ තියන්නෙ කුඩා ස්ටූලයක් සහ ටීපෝ එකක්. බය නැතුව තේ එකක් වුනත් තියන්න පුළුවන්. එච්‍චරට මේ කාඩ්බොඩ් ගෘහ භාණ්ඩ ශක්තිමත්.



■ මේක විදුලි ලාම්පුවක්. හයිකරන්න ඕනෙ කරන ‍වයරැයි ,උපදෙස් පත්‍රිකාවයි, බල්බ් එකයි ඔක්කොම ති‍යෙන්නෙ එකට. ඒකියන්නෙ මේ නිර්මා‍‍ණ අහුරන්න වෙනම කාඩ්බොඩ් ඇසුරැම් නැහැ. හොඳට බලන්න හැම නිර්මාණකටම ඒක පොදුයි.




5 comments:

ecH said...

මම මේ ගැන රූපවාහිනියෙ දැකල තියෙනව. මේව ඇත්තතටම අපි හිතනවට වඩා ශක්තිමත්. ඒ වගේම ප්‍රතිචක්‍රීකරණය කරන්නත් පුළුවන්නේ. :)

malee_msg said...

නියමයි. පරිසරය දුෂණය වෙන්නෙත් නෑ.

අනේ මේ word verification eka remove karannakoo pls!!

ecH said...

අනේ ඔව්.. පුළුවන් නම් විතරක් අර සින්දු ටිකත් අයින් කරන්න. අපි වගේ දුප්පත් මද වේග ජාල සැරිසරන්නන්ට ඒක දරාගන්න බෑ.

෴ .:GiniMakara:.෴ said...

ඔන්න ජනතා අදහස් වලට කන් දුන්න
word verification eka remove කලා
සිංදු ටිකත් අයින් කලා

mysinhalablog said...

captcha අයින් කලා වගේ නෙමෙයි. ඒක තියෙන්නෙ spamming වලින් ඔයාව බේරන්න.