1. නව ආකාරයක ස්විචයක්

මේ අදහස ගොඩක් ලංකාවට වඩා යුරෝපීය රටවල ඉන්න අයට තමා සුදුසු. ඒ ගොල්ලො ගෙදරට ආපු ගමන් මුලින්ම කරන්නෙ කෝට් එක ගලවල එල්ලන එකනෙ. කෝට් එක එල්ලපු ගමන් කාමරේ ලයිට් එක පත්තු වෙන්න තමා මේ නිර්මාණය කරල තියෙන්නෙ.
2. දැල්වෙන දොර අගුල

මේ නිර්මාණය නව ආකාරයේ Door Handle එකක්. මේකෙ විශේෂත්වය තමා කරැවලේ වුනත් ගිහින් දොරක් ඇර ගන්න පහසු කිරීම. තවත් මේකෙ විශේෂත්වයක් තියනව විශේෂ වැඩසටහනක් මගින් මේවයෙ දැල්වෙන පාට වෙනස් කරන්න හැකි වීම. දොර ලොක් කරල නම් රතු පාටට දැල්වෙනව, ලොක් කරල නැත්නම් කොළ පාට
3.රැගෙන යා හැකි ශීත කරනය Portable Refrigerator

මේ අදහස විශාල ශීත කරන සඳහා වියදම් කිරීමට අපහසු, එසේම තබා ගැනීමට ඉඩකඩ අඩු තැනින් තැනට නිතර යාමට සිදුවන අයටයි. බෝඩින් කාමර වල ඉන්න අයට මේක හොඳ නිර්මානයක්. මේකෙ තියන විශේෂත්වය තමයි අවශ්‍ය ප්‍රමානයට අකුල ගන්න දිග හැරගන්න පුළුවන් වීම. ඒකෙන් අනවශ්‍ය ඉඩක් සිසිල් වීමෙන් වලක්වා ගන්න පුළුවන් ඒවගේම බලශක්තිය අඩුවෙන් වැය වෙන්නෙ. මේක සිසිල් වෙන්නෙ පහල සිට ඉහලට.
3 comments:
ඔය ශීතකරණය ගැන විස්තර හොයා ගත්ත තැන කියන්න පුලුවන්ද ?
ඔබේ පිටුව අදයි මා දුටුවේ. හොඳ උත්සහායක්. තවත් ලියන්න. සුභ පැතුම්!
ඔව්, මෙවැනි දේ මේ රටවල දකින්නට ලැබෙනවා. අපේ රටවල මේවැන්නක් දකින්නට නොලැබිම කණගාටුවට ලක් විය යුත්තකි.
@ Chanaka Aruna Munasinghe
http://www.stumbleupon.com මේ සයිට් එකේ තමා තිබ්බෙ මට හරියටම මතක නැහැ ඒක තිබ්බ සයිට් එකේ Link එක. පොඩ්ඩක් හොයල බලන්න
Post a Comment