ගොඩක් අයට දොරක් විවෘත කලහම ඒක නැවත වහන්න අමතක වෙනවනෙ. මෙන්න ඒකට සරල පිළිමයක් නෙමෙයි පිළියමක්. වැඩිය ලොකු ලොකු දේවල් අවශ්‍ය නැහැ.
1. ඉස්කුරැප්පු ඇණ 2 කුයි ( සාමාන්‍ය ඇණ වුනත් කමක් නැහැ)
2. රෙදි වලින් සාදාගත් වැලි පිරවූ කුඩාකොට්ටයකුයි
3.දොරේ ප්‍රමාණය අනුව සැලකිය යුතු දිගකින් යුත් තංගුස් ලණුවකුයි
4.ඇණ සවි කිරීමට ඉස්කුරැප්පු නියනක් හරි මිටියක් හරි
රෑප සටහනකුත් දාල තියනවනෙ ඉතින් කරන්න යන දේ දැනටමත් පැහැදිලි ඇති.මුලින්ම දොර විවෘත වන පැත්තෙ උලු අස්සෙ උඩින් කෙලවරට වෙන්න පළමු ඇණය සවි කරගන්න. එයට තංගුස් ලණුව ගැට ගසන්න. අවශ්‍ය දිග ප්‍රමාණය සකසා ගනිමින් වැලි පිරවූ කොට්ටයද ගැට ගසන්න. දෙවන ඇණය දොර පියනේ උඩ කෙලවරට වන ආකාරයට රෑප සටහනේ පරිදි සවි කරන්න. එම ඇණය මගින් දොර විවෘත කලවිට වැලි කොට්ටය කෙලවරට ගොස් සිරවීම වලකයි. කොට්ටයේ ඇති වැලි අඩු වැඩි කරමින් දොර වැසිය යුතු වේගය සකසා ගන්න.
මම මේක මුලින්ම අත්හදා බැලුවෙ Bath Room එකේ දොරට. වැලි කොට්ටයක් වෙනුවට පාවිච්චි කලේ පොඩි ප්ලාස්ටික් වතුර බෝතලයක්. වැඩේ ටික කාලයක් හොඳට ගියා ඒත් එක දවසක් හදිස්සියට දොර හයියෙන් විවෘත කරන්න ගිහින් නාගන්න වුනා සබනුත් තිබ්බ හින්ද අවුලක් වුනේ නැහැ :). ගබඩා කාමරේ දොරටත් එකක් හයි කරන්න ඕනෙ.
ඕනෙම කෙනෙකුට මේව අත්හදා බලන්න පුළුවන්. අත් දුටුවයි ප්‍රත්‍යක්‍ෂයි පිටට දෙනු. මම මේ ඉදිරිපත් කරන ක්‍රම මීට වඩා හොඳ ක්‍රමයකට කරන්න පුළුවන් විධි ගැන අදහස් පහල වන අය විස්තර දාන්න හොඳේ..

7 comments:
පුළුවන් නම් මේ වගේ වැඩ කිඩ වල විඩියෝ කෑලිත් දාන්නකෝ. දැනට මතක් වෙන්නේ නැහැනේ වෙන එකක්.
මමත් ඔය වැඩෙ තලා එත් ඔකේදි දෙර හොදින් වැහෙනවා නමුත් දෙර අරින්න ගියාම අපහසුයි යොද බල යෙදිය යුතුයි
@ දිසා
යොධ බල යොදන්න වෙන්නෙ. එල්ලන බර වැඩි වුනහම. ඒකයි මම මේකෙ සඳහන් කලේ වැලි අවශ්‍ය ප්‍රමාණයට පුරවල සීරැ මාරැ (adjust) කරගන්න කියල.එතකොට එචිචර මහන්සියක් යොදන්න වෙන්නෙ නෑ දොර අරින්න.
මේක නම් ගෙදරට අලාබහානි කරන්න යනවා කියලා අම්මාගෙන් බැණුම් අහගන්න වෙන පොටක් පුතෝ!
එළ වැඩක්.
වැඩේ නම් හොදයි...
ඒත් ඔයිට වඩා ලස්සන විදියක් නැද්ද? 'modern '
විදියක්?
ලනුව නිසා දොර ගෙවෙනවා. ඊක නවත්තන්න දොර උඩට කප්පියක් දෑම්මනම් ගර්ශනයත් අඩු වෙනව.
Post a Comment