෴ 20-20-20 නීතිය ෴

Monday, March 9
‍අපි ගොඩක් වෙලාවට එක දිගට පැය ගනන් පරිගණක තිරය දිහා බලාගෙන ඉන්නවනෙ.ඉතින් අපේ ඇස් අපිට නොදැනීම විඩාවට පත් වෙනව මොකද අපි ඇස් වෙහෙසනව ‍වැඩියි. ඒවගේම ඇස් වල තෙතමනය නැතිවෙලා වියලි බවට පත් වෙනව. ඒවගෙම අපි වැඩි වෙලාවක් ඇස් නාභිගත කරගෙන ඉන්නෙ ළඟ තියන වස්තුවලට (බොහෝ වෙලාවට මොනිටර් එකෙන් එහාට ඇහැ යවන්නෙම නැහැ කවුරැ හරි කතා කලහම උත්තර දෙන්නෙත් මොනිටරය දිහා බලාගෙන) මේ සියළු කරැණු කාර‍ණා අනුව අපි දවස අවසානයේ ඉන්නෙ ආතතියට පත් වෙලා කිව්වොත් නිවැරදියි. මෙන්න මේ තත්වෙන් ගැලවෙන්න තමයි 20-20-20 නීතිය අවශ්‍ය වෙන්නෙ. මොකක්ද මේ 20-20-20 නීතිය?

1 වන නීතිය෴
සෑම විනාඩි 20 වරක් පරිගණක තිරයෙන් ඉවතට හැරී අඩි 20 ඈතින් ඇති වස්තුවක් දිහා මිනිත්තු කිහිපයක් බලාගෙන ඉන්න.මේ ක්‍රියාවෙන් ඇහැ දුර වස්තුවකට නාහිගත වෙනව ඒකෙන් ඇහේ මාංශපේශි ඉහිල් වෙනව.

2 වන නීතිය෴
පිළිවෙලින් 20 වතාවක් ඇසි පිය හෙලන්න. මෙයින් ඇසේ වියලි බව නැතිකර සජීවි බවක් ලබාදෙනව, ඇසේ තෙතමනය රඳවාතබනව. (හැකි කමක් ඇත්නම් වතුරින් ඇස් තෙමන්න.)

3 වන නීතිය෴
විනාඩි 20 වරක් පියවර 20 සක්මන් කරන්න. එකම ඉරියව්වක රැඳී සිටින ඔබගේ ශරීරය පුරා රැධිර සංසරණය ක්‍රමාණුකූලව සිදුවීමට එම ක්‍රියාව උපකාරී වේවි.

2 comments:

Leo Sadeepa said...

නීති ටික නම් අගෙයි. මම හොයා ගත්තා මේ නීති හා අමතර දේ මතක් කරන වැඩසටහනක්. නොමිලයේම ලැබෙන්නේ .... නිදහස් ම්‍රැදුකාංගයක්... http://www.workrave.org/welcome/ වෙත ගොස් බලන්න

෴ .:GiniMakara :.෴ said...

ස්තූතියි Sadeepa මම ඔයාගෙ link එක බැලුව