ඉඳිකටුවකට නූලක් අමුනන එක ටිකක් සැලකිල්ලෙන් කරන්න ඕනෙ ඒකක්.අවධානය හොඳට තියෙන්න ඕනෙ ඒත් කොච්චර කලත් එහෙම කරගන්න බැරි අයත් ඉන්න පුළුවන්. එහෙම අයට හාවිත කරන්න පුළුවන් උපකරනයක් හදන හැටි තමා මම මේ පෙන්නල දීල තියෙන්නෙ.
බැලූ බැල්මට නම් සරලයි ඒත් මේකෙ ප්‍රයෝජනවත් බව නම් ඉතා ඉහලයි.
අවශ්‍ය දේවල්,
බැලූ බැල්මට නම් සරලයි ඒත් මේකෙ ප්‍රයෝජනවත් බව නම් ඉතා ඉහලයි.
අවශ්‍ය දේවල්,
1. Flexible Wire එකකින් වෙන් කරගත් 6 cm විතර දිග තඹ කම්බියක්( එක පොටක් සෑහෙයි)2. ගම් ස්වල්පයක්
3. ඝනකම අඩු කාඩ්බොඩ් කැබැල්ලක් (මම නම් ගත්තෙ phone recharging Card එකක්)රෑප සටහනේ 1 රෑපය ආකාරයට තඹ කම්බිය නවා සකස් කර ගන්න. ඉන්පසුව කාඩ් බොඩ් එක මත 2 රෑපයේ පරිදි එය තබා, මැදට ගම් දමා එම ආකාරයටම කපාගත් තවත් කාඩ් බොඩ් කැබල්ලක් මගින් කම්බිය මැදි කර අලවා ගන්න. කම්බිය ඉතා සියුම් බැවින් එය ආරක්ෂිතව නොතැබුවහොත් එයට හාණි විය හැකියි. එබැවින් එයට 4 රෑප සටහනේ ආකාරයට වටේ පමණක් ගම් යොදා එක සමාන කාඩ්බොඩ් කැබලි 2 මඟින් ආරක්ෂිත කවරයක් සාදා ගන්න. ඉන්පසු 6 රෑප සටහනේ ආකාරයට ඉඳිකටු සිදුර තුලින් කම්බිය ඇතුල් කර නූල දැමිය හැකි වෙයි.
4 comments:
බොහොම පිං... ඔයවගේ එකක් දැකල තිබ්බට අද තමා, ඒකෙන් කරන්නෙ මොකද්ද කියල දැනගත්තෙ
ඔන්න බලන්න ජාලයේ බලය.
ශහ් නියම අදහස!
ස්තුතියි :)
හොද අදහසක්
අනේ මේක අපි වගේ අයට බොහෝම වැදගත් ස්තූතියි ගොඩක් ඔයාට..
ඇස් පෙනීම අඩු අපේ අම්මලට එහෙම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.!
Post a Comment